• ජූනි 5, 2025
  • kannan
  • 0

පරිසරය සුරැකීම සදහා අපේ ආකල්ප වෙනස් කර ගැනීම ඉතා වැදගත්. මිනිස් ක්‍රියාකාරකම් පරිසරයට කරන බලපෑම සුළු පටු නොවෙයි. ඒ නිසා පරිසර හිතකාමී අයුරින් සිතීම සහ ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. පරිසර දිනයේ අරමුණු සාර්ථක කරගැනීමට සහ පරිසරය සුරක්ෂිත කිරීමේ ජාතික හා ගෝලීය මෙහෙවරට සෘජු දායකත්වයක් සැළසිය හැකි වන්නේ එවිටයි. විශේෂයෙන් තරුණ විද්‍යාර්ථීන් ලෙස ඔබත් ඔබේ විශ්වවිද්‍යාලය මුල් කරගෙන පරිසරය දිනය සැමරීමේ ක්‍රියාාකරකම්වල යෙදීම වැදගත් වන්නේ ඒ නිසයි. අපේ අනාගත පරපුර වෙනුවෙන් යහපත් පරිසරයක් උරුමකර දීම අප හැමගේ වගකීමක් බව කියන්නට කැමතියි. යනුවෙන් අමාත්‍යවරයා අදහස් පළ කලේ අද (05) පෙරවරුවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ  පැවති ජගත් පරිසර දින සැමරුම් ක්‍රියාකාරකම්වලට සහභාගී වෙමිනි.

තව දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා…….

අපිට අවශ්‍ය වන්නේ පරිසරය සම්බන්ධයෙන් දැනුවත් වීමත්, ඒ අනුව හැසිරීමත්ය. අපි හැමෝම එක්වෙලා, පරිසරය සුරක්ෂිත කරමින්, අපේ දරුවන්ට හොඳ ලෝකයක් උරුම කර දීමට කටයුතු කරමු. අපි සියලු දෙනා එක්ව, පරිසරය සුරැකීමට කළ හැකි සියලු දේ කරමු.  යනුවෙන්ද ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ දුලිප් සොමිරත්න, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් එච්.යූ.ධම්මික, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහාය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ශ්‍රී ලක් ද සිල්වා, නියෝජ්‍ය  උපකුලපති (අධ්‍යයන) කේ.ඒ.එස්. ධම්මික, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් (පාලන) එයා වයිස් මාර්ෂල් (විශ්‍රාමික) ඇන්ඩ්‍රෑ විජේසූරිය, ලාෆ් සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ වෛද්‍ය රවී එදිරිසිංහ, ලාෆ්ස් එකෝ ශ්‍රී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සාලිය දිසානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී වී සිටියහ.