‘2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සඳහා වූ සංශෝධන’ යන මැයෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංදේශය සලකා බලා, අමාත්‍ය මණ්ඩලය ලබාදුන් අනුමැතිය පරිදි, ‘ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත’ 2025 මැයි 16 දිනැති රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කළ බව බලශක්ති අමාත්‍යාංශය විසින් මෙයින් දන්වා සිටියි.