• ජූනි 17, 2025
  • kannan
  • 0

මැද පෙරදිග යුධ වාතාවරණය නිසා මෙරට ඛණිජ තෙල් හිඟයක් ‍ඇතිවිය හැකි බවට වන විවිධ ව්‍යාජ හා නොමඟ යවන සුළු පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය කරන බවක් නිරීක්ෂණය වී ඇත.

ඉදිරි මාස දෙකකට අවශ්‍ය තෙල් තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත්, ඉදිරියට ඇනවුම් කරන ලද තෙල් තොග ගැටළුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැළසුම් කර ඇති බවත්, එබැවින්, ඉහත ආකාරයේ  ව්‍යාජ හා නොමඟ යවන සුළු ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙස  බලශක්ති අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.