
මෙගාවොට් 100ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරමින් අමෙරිකානු ඩොලර් 432ක දැවැන්ත ආයෝජනයකින් ඉදි කිරීමට නියමිත එයාකාර ප්‍රථම මහා පරිමාණ ජාතික ව්‍යාපෘතිය ලෙස සැලකිය හැකි සියඹලාණ්ඩුව “රිවිදනවි“ සූර්යබල ව්‍යාපෘතියට අදාල භූමිය හා ඉදිරි කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (25) නිරත විය.
මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොටියාගල ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයේ හෙක්ටයාර 219ක පමණ විශාල භූමි ප්‍රදේශයක ඉදි කිරීමට නියමිත මෙම දැවැන්ත ව්‍යාපෘතිය නිසා වායුගෝලයට විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වසරකට කිලෝග්‍රෑම් මිලියන 110කින් අඩුවේ යැයි අපේක්ෂිතය.
එමෙන්ම, මෙම ව්‍යාපෘතිය මෙගාවොට් පැය 12ක් බැටරි ගබඩා පහසුකම්ද සහිත වීම නිසා ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාමේදී විශාල සහයක් වනු ඇතැයිද සැලකේ.
එහි ඉදිකිරීම් සඳහා අවශ්‍ය පාංශු පරීක්ෂණ, මැනුම් කටයුතු සහ මායිම් වැට සකස් කිරීම වැනි මූලික කටයුතු දැනටමත් සිදුකර ඇති අයුරු අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණු අතර, නොවිසඳී ඇති ගැටළු කඩිනමින් විසඳාලීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම චාරිකාව සඳහා මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර අතුළු ඉහළ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.