• අගෝස්තු 21, 2025
  • Tharooshi Vihanga
  • 0

ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවය රැක ගැනීම වෙනුවෙන් ගෙන ඇති කෙටි කාලීණ සහ දිගු කාලීන පියවර රැසක් ගෙන ඇති බව අද (21) පාර්ලිමේන්තුවේදී හෙළි කලේය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

එම කෙටි කාලීීන සහ දිගු කාලීන පියවර පහත දක්වා ඇත.

කෙටි කාලීණ පියවර

  • විදුලි පද්ධතිය තුළ ක්ෂණිකව ඇතිවන අස්ථාවර අවස්ථාවන්හිදී වහල මත සවිකර ඇති සූර්ය විදුලිබල පද්ධති, ජාතික විදුලි පද්ධති තුළ පවත්වා ගැනීම තුළින් එහි ස්ථායිතාවය පවත්වැ ගැනීමට හැකිවන පරිදි ඒවායේ ඉන්වටර් පරාමිතීන් යාවත්කාලීන කිරීම
  • ජාලක ස්ථායිතාව පිළිබඳ ගැටළුවලට ප්‍රතිචාර වශයෙන් වහල මත සවිකර ඇති සූර්ය විදුලිබල පද්ධති මගින් උත්පාදිත බලශක්තිය පද්ධතියට සැපයීම පමණක් සිදු කිරීම වෙනුවට බලශක්ති උත්පාදනය එම ස්ථානය/ පරිශ්‍රි තුළදීම පරිභෝජනය සඳහා  දිරිමත් කිරීමට තාක්ෂණික හා නියාමන පියවර හඳුන්වා දීම
  • හැකි සෑම අවස්ථාවකදීම සමමුහුර්ත කන්ඩෙන්සර් (synchronous condenser) ආකාරයෙන් ජල හා තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම
  • අධික හිරු එලිය සහිත දිවා කාලයේ ඉරිදා වැනි ඉල්ලුම අඩු නිවාඩු දිනවලදී පද්ධති ස්ථායිතාව පවත්වා ගැනීම දුෂ්කර බැවින්,

දැනට පද්ධති පාලක මධ්‍යස්ථානයට පාලනය කළ හැකි සූර්ය හා සුළං බලාගාරවල සැපයුම ජාතික විදුලිබල පද්ධතියට අවශ්‍ය පරිදි පාලනය/සීමා කිරීම මගින් ජාතික විදුලි පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යනු ලබයි.

පද්ධති පාලන මධ්‍යස්ථානයේ පාලනයෙන් තොර බලාගාරවල (බෙදාහැරීමේ ජලායට සම්බන්ධ කර ඇති ජනක යන්ත්‍ර (embedded generators) උත්පාදනය නවතන ලෙස ඉල්ලීමක් කරනු ලබයි. පද්ධති පාලන මධ්‍යස්ථානය කෘතිම බුද්ධිය භාවිත කර තෝරා ගනු ලබන  වාර සටහනකට අනුව, බෙදා හැරීමේ පාලන මධ්‍යස්ථානය හරහා ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරුන්ගේ මාර්ගයෙන් බෙදා හැරීමේ ජාලයට සම්බන්ධ කර ඇති ජනක යන්ත්‍රවල උත්පාදනය නවතන ලෙස ඉල්ලීමක් කරන අතර, හිමිකරුවන් කිහිප දෙනෙකු හැර බොහෝ හිමිකරුවන් උත්පාදනය නවතයි.

  • පුනර්ජනනීය බලශක්ති බලාගාර ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කර ගන්නා අතරම ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාවයට සහාය වීම සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති (battery energy storage system ) ඒකාබද්ධ කර ගැනීම පිණිස කාල පාදක ගාස්තුවක් (time based tariff) සකස් කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව එම යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවා ඇත.
  • ඉදිරියේදී ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත සියළුම සුළං හා සූර්ය බලාගාර, පද්ධති පාලන මධ්‍යස්ථානය හරහා කිරීමට අවශ්‍ය නීතිමය හා තාක්ෂණික ක්‍රියාමාර්ග ඒවායේ බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම (power purchase agreement) හරහා ගැනීමට කටයුතු කර ඇත.
  • ජාතික විදුලිබල පද්ධතිය අස්ථායි අවස්ථාවනහිදී එය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පෙර සිට පැවති තාක්ෂණික පරාමිතීන්  (spinning reserve) අවශ්‍යතාවය, අඩු සංඛ්‍යාත මත භාර ඉවතලීම (under frequency load shedding – UFLS) විශ්ලේෂණය කර ඒවා යාවත්කාලීන කිරීම සිදුකරමින් පවතී.
  • ලක්විජය බලාගාරය ආරක්ෂිතව නැවැත්වීමේ තාක්ෂණික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම

 

දීර්ඝ කාලීන පියවර

  • පොම්ප බලාගාර (Pump Storage Power Plant) ඉදිකිරීම සඳහා ප්‍රධාන ස්ථාන දෙකක් හඳුනාගෙන ඇති අතර, ඒවායින් වඩාත් සුදුසු ස්ථානය ලෙස මහඔය තෝරාගෙන එම ස්ථානයේ සවිස්තරාත්මක ශඛ්‍යතා අධ්‍ය්‍යනයක් සිදුකර ඇති අතර සවිස්තරාත්මක ඇස්තමේන්තුවක් පිලියෙල කිරීම, අවශ්‍ය ඉඩම් වෙන් කිරීම කර ගැනීම ආදිය සඳහා කටයුතු යොදා ඇත.
  • 2026 හා 2027 වන විට ජාතික විදුලි පද්ධතියට මෙගාවේට් 100ක් හා 160ක් වන මහා පරිමාණ බැටරි බලාගාර ඉදිකිරීමට නියමිතය. මෙගාවේට් 160 සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් භාවිතා කර මෙ.වො. 100 බලාගාරය සඳහා ඉදිරියේදී ටෙන්ඩර් කැඳවීමට නියමිතය.
  • පුනර්ජනනීය බලශක්ති ප්‍රභව පුරෝකථනය හා එම බලාගාර පද්ධති පාලන මධ්‍යස්ථානය හරහා පාලනය කිරීමට පුනර්ජනනීය බලශක්ති පාලන ඒකකයක් ස්ථාපනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් භාවිතා කර ටෙන්ඩර් කැඳවීමට අදාල ටෙන්ඩර් ලේඛණ සකස් කරමින් පවතී.
  • ස්මප්‍රේෂණ පද්ධතියේ ස්ථායිතාය ආක්ෂා කර ගැනීම උදෙසා ඒ සඳහා භාවිතා වන විද්‍යුත් උපාංග ( STATCOM, synchronous Condenser) එකතු කිරීමට ඉදිරියේදී සැලසුම් කර ඇත.
  • පුනර්ජනනීය බලශක්තිය විශාල ලෙස විදුලි පද්ධතියට අවශෝෂණය වන විට ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම උදෙසා අවස්ථිතිය සහිත, වේගයෙන් ක්‍රියා කළ හැකි (flexible) විදුලි බලාගාර ඉදිරි කාලයේ ජාතික පද්ධතියට එක් කිරීමට කටයුතු කරමින් සිටී.
  • දුරස්ථ අධීක්ෂණය හා හදිසි අවස්ථාවකදී විසන්ධි කිරීම පිණිස ස්මාට් මීටර් සඳහා අවශ්‍ය අමතර ක්‍රියාකාරීත්වයන් (additional functions) හඳුන්වාදීම.
  • නිෂ්පාදකයින්ගේ ඉන්වටර් හරහා හෝ සිම්කාඩ්පත්වලින් සමන්විත මොඩම් ස්ථාපනය කිරීමෙන් සාම්ප්‍රධායික නොවන පුනර්ජනනීය බලශක්තියේ තත්‍ය කාලීන දෘශ්‍යතාව සහ පාලනය කිරීමේ හැකියාව සහතික කිරීම සඳහා බෙදාහැරීමේ පාලන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.