විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය 2024 සැප්තැම්බර් 27 දින අංක 2403/53 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශ කළ පරිදි, බලශක්ති අමාත්‍යාංශය ලෙස නම් කර ඇත. මෙම අමාත්‍යාංශය, විදුලිබල අංශය හා බලශක්ති අංශය ලෙස අංශ දෙකක් වශයෙන් ක්‍රියාත්මක වේ. විදුලිබල අංශය නො. 437, ගාලු පර, කොළඹ 03 යන ලිපිනයෙහිත් බලශක්ති අංශය නො. 80, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07 යන ලිපිනයෙහිත් පවත්වාගෙන යනු ලැබේ. විදුලිබල අංශය මගින් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් www.powermin.gov.lk යන වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලැබේ.
බලශක්ති අංශය මඟින්, රටේ බලශක්ති සුරක්ෂිතභාවය සහතික කිරීම වස් බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්ති, උපාය මාර්ග, වැඩසටහන් සහ ව්‍යාපෘති සැකසීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ ඇගයීම් කටයුතු ලාංකීය පුරවැසියන්ගේ අභිලාෂයන් සපුරාලීමේ අරමුණු පෙරදැරිව බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය හා ත්‍රිකුණාමල ඛනිජ තෙල් පර්යන්ත සමාගම යන ආයතන වල සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වේ.
මෙම අංශය භාරයේ ඇති විෂයයන් සහ කාර්යයන්
- රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රතිපත්තීන් මත පිහිටා බලශක්ති විෂයයට අදාල ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවන්හි ප්‍රතිපත්ති, උපායමාර්ග, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම.
- අමාත්‍යාංශය විෂය පථයට අයත්වන මහජන සේවාවන් කාර්යක්ෂමව හා මහජන හිතකාමී අයුරින් ලබා දීම.
- නාස්තිය දූෂණය පිටුදකිමින් අමාත්‍යාංශයේ කාර්යභාර්ය ඉටු කිරීම සහතික කිරීමට ඉවහල් වන ආකාරයට නවීන කළමනාකරණ ක්‍රම හා තාක්ෂණය යොදා ගනිමින් සියළුම ක්‍රම සහ විධි ප්‍රතිසංස්කරණය කිරීම.
- ඛනිජ තෙල් සඳහා මිළ සූත්‍රය යෙදීම සඳහා වඩාත් සාධාරණ හා විනිවිධ පෙනෙන ක්‍රමයක් හඳුන්වා දීම.
- දිගුකාලීන අවශ්‍යතා මත බලශක්ති උත්පාදන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම.
- ශ්‍රී ලංකාව බලශක්ති වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්කිරීම සඳහා කටයුතු කිරීම.
- ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන හා ස්වභාවික ගෑස් ආනයනය කිරීම, පිරිපහදු කිරීම, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම සම්බන්ධීකරණය හා ක්‍රියාත්මක කිරීම.
- ඛනිජ තෙල් නිශ්පාදනය හා පිරිපහදුව සම්බන්ධ කටයුතු.
- ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් ගවේෂණය හා ඒ ආශ්‍රිත කටයුතු
- ඛනිජ තෙල් නිෂ්පාදන ප්‍රභවයන්ගෙන් ගෑස් හා අතුරු නිශ්පාදන වලට අදාළ කටයුතු, තොග පවත්වා ගැනීම හා නිෂ්පාදනය හා බෙදාහැරීම.
- ඉන්ධන සැපයීම හා බෙදාහැරීමට අදාළ වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
- බලශක්ති සම්පත් පාලනය, නියාමනය හා උපයෝගීකරණය උදෙසා උචිත බලශක්ති ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම.
- තෙල් පිරිපහදු කිරීමේ ධාරිතාව වැඩි දියුණු කිරීම සහ පෙට්‍රෝලියම් ද්වි - නිශ්පාදන ආශ්‍රිත කර්මාන්ත දිරිමත් කිරීම.
- ඉන්ධන සැපයීමේ විශ්වසනීයත්වය, අඛණ්ඩතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.
අපගේ දැක්ම
“ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීම”
අපගේ මෙහෙවර
“ජාතික අවශ්‍යතා සපිරෙන පරිදි, අඩු වියදම් බලශක්තිය සඳහා ප්‍රවේශය වැඩි කරමින් ඉන්ධන ආනයනය කළමනාකරණය හා දේශීයව නව බලශක්ති ප්‍රභවයන් බලශක්ති මිශ්‍රණයට එකතු කිරීම සහ නියමිත නීති සහ අණ පනත්වලට අනුකූලව බලශක්ති විෂයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය හා නියාමනය මඟින් පරිසර හිතකාමී තිරසර බලශක්ති සැපයුමක් තහවුරු කිරීම”