බලශක්ති අමාත්‍යාංශය මගින් කෙටුම්පත් කර ඇති ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සඳහා 2025.12.19 දින සිට මහජන අදහස් සහ යෝජනා කැඳවන ලදී.
මෙම ජාතික විදුලිබල ප්‍රතිපත්ති කෙටුම්පත සඳහා අදහස් විමසීමේ කාලසීමාව 2026.01.14 දින දක්වා දීර්ඝ කරනු ලැබේ.
මෙම කෙටුම්පත සම්පාදනය කර ඇති කමිටුව සමග තව දුරටත් සාකච්ඡා කිරීමට, මේ වන විටත් අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇති යම්කිසිවෙකු හෝ ආයතනයක් අදහස් කරන්නේ නම් ඒ පිළිබඳව පහත සඳහන් ලිපිනයට ලිඛිතව දන්වන ලෙස දැනුම් දෙමි.
මෙම උපදේශන ක්‍රියාවලියෙන් පසු ජාතික විදුලිබල ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත තවදුරටත් යෝජනා ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලැබේ.
ලේකම්,
බලශක්ති අමාත්‍යාංශය
අංක. 437, ගාලු පාර, කොළඹ 03.
අදහස් යොමුකළ හැකි ක්‍රම:
- විද්‍යුත් තැපෑල : neac@energymin.gov.lk
- ලිපි මගින් : ලේකම්, බලශක්ති අමාත්‍යාංශය, අංක 437, ගාලු පාර, කොළඹ 03
- ෆැක්ස් අංකය : 0112 574 752
- දුරකථන අංකය : 0112 574 922 (දිගු අංකය / 403)
