ජාතික විදුලිබල ප්‍රතිපත්තිය පිළිබඳව මහජන අදහස් විමසීම.
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, පළවන අදියරේ මහජන අදහස් විමසීමෙන් අනතුරුව ජාතික විදුලිබල ප්‍රතිපත්තියේ (National Electricity Policy) අවසන් කෙටුම්පත සකස් කර ඇත. මෙම කෙටුම්පත අවසන් අදියරේ මහජන අදහස් විමසීම පිණිස මේ වන විට අමාත්‍යාංශ වෙබ් අඩවියේ (www.energymin.gov.lk) පලකර ඇත.
මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් අදහස් හා යෝජනා ලබාගැනීමට මෙම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
අදහස් යොමුකළ හැකි ක්‍රම:
- විද්‍යුත් තැපෑල : neac@energymin.gov.lk
- ලිපි මගින් : ලේකම්, බලශක්ති අමාත්‍යාංශය, අංක 437, ගාලු පාර, කොළඹ 03
ලේකම්
බලශක්ති අමාත්‍යාංශය
