• සැප්තැම්බර් 7, 2025
  • kannan
  • 0

සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම මේ රජය ක්‍රියාත්මක කරන්නේ රටේත් ජනතාවගේත් සුබසිද්ධිය සහ අභිවෘද්ධිය සදහායි. ගැටළු හදුනාගනිමින් ඒවා විසදීමට අවශ්‍ය පියවර ගනිමින් ජනතාවගේ ගැටළු වලට සංවේදීව කටයුතු කිරීම මේ රජයේ ක්‍රිමවේදයයි යනුවෙන් අමාත්‍යවරයා අදහස් පළකලේ පසු ගිය (5)දින මන්නාරම් ප්‍රදේශයේ සංචාරක නිරත වෙමින් ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු හා අවශ්‍යතා සොයාබැලීමත් විශේෂයෙන් මෙගාවොට් 50ක හා 20ක සුළං විදුලි බලාගාර ආශ්‍රිතව මතුවී ඇතැයි කියන ජනතා ගැ⁣ටළු සොයාබැලීම සදහා වන සංචාරකට එක් වෙමිනි.

ප්‍රදේශයේ තැන් කිහිපයකදී පූජ්‍ය පක්ෂය, ප්‍රදේශයේ  ප්‍රජා සමිති නියෝජිතයින්, ප්‍රාදේශීය දේශපාලනඥයින්, දිස්ත්‍රික්කයේ පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද සහභාගිත්වයෙන් පැවති මෙම හමුවලදී ජනතාව සුළං විදුලි බලාගාර ඉදිකිරීම නිසා තමන් මුහුණ දෙන ගැටළු ලෙස මන්නාරමේ ගංවතුර තත්වය , ඉඩකඩම් අහිමි වීම හා මත්ස්‍ය අස්වැන්න අඩුවීම වැනි තත්වයන් වලට මුහුණ දීමට සිදුවී ඇති බවත් මෙම ව්‍යාපෘති ආරම්භයේ සිදුවූ විවිධ අඩුපාඩු නිසා තමන් විවිධ දුෂ්කර තත්වයට පත්ව ඇති බවට කරුණු දැක්වූහ.

රටේ අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් හා ප්‍රදේශයේ ඇති සම්පත් වල විභවයන් සැලකිල්ලට ගනිමින් ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘති වල ඇති වටිනාකමද එම ආයෝජන වල ඇති නීතිමය තත්වයන්ද සැලකිල්ලට ගනිමින් යථාර්ථවාදීව කටයුතු කිරීමට රජයට සිදුවී ඇති බවත් ජනාධිපතිතුමාගේ විශේෂ උපදෙස් අනුව මතුවන සමාජ පාරිසරික හෝ ආර්ථික ගැටළු වලට විසදුම් දීම සදහා අවශ්‍ය ක්‍රමවේද සකස් කරන බවත් ඒ පිළිබදව බිම් මට්ටමින් ජනතාවගේ සිතුම් පැතුම් අදහස් දැනගනීම තම ගමනේ අරමුණ බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

ඉහළ මට්ටමේ කැබිනට් අමාත්‍යවරයෙකු තම ප්‍රදේශ වලට පැමිණ කෙළින්ම ජනතාව හමුවී තම අදහස් වලට ඇහුම්කන් දීමට ඉදිරිපත් වීම ඉතා වැදගත් කොට සලකන බවත් මෙම රජය ජනතාවගේ ආකල්ප හා සිතුම් පැතුම් හදුනාගත් රජයක් බවට එය සාක්ෂියක් වන බවත් රජය කෙරෙහි දැඩි විශ්වාසයකින් තම ගැටළු විස⁣දනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ප්‍රජා නියෝජිතයන් මෙහිදී අදහස් දක්වමින් කියා සිටියහ.

මෙම අවස්ථාව සදහා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීස්වරන්, කාදර් මස්තාන්, තුරෛරාසා රවිකරන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ප්‍රජා සමිතිවල නියෝජිතයන් හා රාජ්‍ය ආයතනවල ඉහළ නිළධාරීන් සහභාගි විය.