• සැප්තැම්බර් 3, 2026
  • Uyaam Maalik
  • 0

විදුලි වාහන ආරෝපණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම

පාර්ශ්වකරුවන් සමඟ සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව, බලශක්ති අමාත්‍යාංශය විසින් “විදුලි වාහන ආරෝපණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ” අවසන් කෙටුම්පත සකස් කර ඇත. වැඩිදුර අදහස් ලබා ගැනීම සඳහා මෙම ප්‍රතිපත්ති කෙටුම්පත මේ වන විට අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර තිබේ.

බලශක්ති අමාත්‍යාංශය විසින්, අදාළ ප්‍රතිපත්ති කෙටුම්පත සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු පාර්ශ්වයන්ගේ අදහස් සහ යෝජනා, පහත දක්වා ඇති ආකාරයට 2026.09.30 දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස මෙයින් ආරාධනා කරනු ලැබේ.

ඔබේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමේ ක්‍රම:

  1. විද්‍යුත් තැපෑලෙන් : dir.tech.power@energymin.gov.lk
  2. ලිපි මගින් : ලේකම්, බලශක්ති අමාත්‍යාංශය, අංක 437, ගාලු පාර, කොළඹ 03

ලේකම්

බලශක්ති අමාත්‍යාංශය

Download Draft Policy Here: English, Tamil, Sinhala