සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩපිලිවෙලක් ඇරඹේ.
ධීවර ප්‍රජාවට සහනයක් ගෙන එමින් ගුණාත්මක බවින් ඉහළ “සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩ පිළිවෙලක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සහායෙන් අද (27) සිට ආරම්භ කරන ලදී. මේ අනුව ධීවර යාත්‍රාවලට අවශ්‍යය ඇමරිකානු තත්ව සහතික ලත් ගුණාත්මක ලිහිසි තෙල් නිෂ්පාදන ධීවර වරාය පරිශ්‍රයෙන්ම මිළට ගැනීමට හැකිවේ. මෙහි මුල් පියවර අද දික්ඕවිට ධීවර වරායෙන් ආරම්භ කරන ලද අතර, ඉදිරියේදී රට පුරා පිහිටුවා ඇති ධීවර වරාය 25ක් ආශ්‍රිතව විශේෂයෙන් බහුදින ධීවර යාත්‍රා සදහා අවශ්‍ය ලිහිසි තෙල් ධීවර ප්‍රජාවට සහනයක් වන අයුරින් ලබාදීමට සැළසුම් කර ඇත.
මෙහි ආරම්භක අවස්ථාව අද බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි, සාගර ජලජ සම්පත් සහ ධීවර කටයුතු පිළිබද අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙසේකරන් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් දික්ඕවිට ධීවර වරාය පරිශ්‍රයේදී සිදු කෙරිණි.
එහිදී අදහස් දැක් වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා “රජයේ ආයතන හරහා ලැබෙන ලාභය පෙරලා ජනතාවට සහන සැළසීම සහ යටිතල පහසුකම් දියුණු කිරීම සදහා වැයකරන බව පැවසීය. ධීවර ප්‍රජාවට ලබාදෙන භූමිතෙල් සහනාධාරය නිශ්චිතවම ධීවරයාටම ලැබෙන බවට සහතික කෙරෙන වැඩපිළිවෙලක් ඉදිරියේදී සකස්කරන බවද ඒ හා ආශ්‍රිතව සිදුවන අයතා ගණුදෙනු වැලැක්වීමට පියවර ගන්නා බවද පැවසීය. තවද රාජ්‍ය හිමිකාරීත්වය සතු ආයතනයක් ලෙස ඉහළ ගුණාත්මක නිෂ්පාදන ක්‍රියාවලියක් ඔස්සේ නිෂ්පාදනය වන සිපෙට්කෝ ලිහිසි තෙල් නිෂ්පාදන අන්තර්ජාතික තත්ව සහතික ලබා ඇති බවත් ඒවායේ ගුණාත්මකභාවය තහවුරු වී ඇති බවත් පවසමින් ධීවර ප්‍රජාව මෙන්ම අනිකුත් යාන වාහන භාවිතාකරන්නන්ද එකී නිෂ්පාදන භාවිත කළ යුතු යැයි තමා උදක්ම ඉල්ලා සිටිනේනේ යැයිද” ප්‍රකාශ කලේය.
මෙහිදී සාගර ජලජ සම්පත් හා ධීවර කටයුතු පිළිබද අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කරන් මහතාද, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා ඇතුළු ඉහළ නිළධාරීන් කීප දෙනෙක්ද, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති කපිල බමුණුආරච්චි මහතාද අදහස් දැක්වූහ.
