විශේෂයෙන්ම 2026 වසර සඳහා වූ අයවැය යෝජනා පිළිබඳ විවාදයට මා වෙත අවස්ථාව ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා.
අපි මේ අයවැය යෝජනා කෙටියෙන් විග්‍රහ කළොත්, 2026 වසර සඳහා මුළු ප්‍රාථමික වියදම් ලෙස රුපියල් බිලියන 4485ක් වෙන්කර ඇති අතර, එහි සියළුම අමාත්‍යංශ සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව වසරේ අයවැය ක්‍රියාත්මක කිරීම පිණිස බිලියන 109.42ක්ද අඩංගු වෙනවා. ඊට අමතරව ණය පොලිය ලෙස බිලියන 2617ක්, අත්තිකාරම් ලෙස බිලියන10ක්ද, ඒ අනුව, මුළු වියදම බිලියන 7102ක්ද වෙනවා. වසරේ අපේක්ෂිත ආදායම බිලියන 5355ක්. එවිට අයවැය හිඟය රුපියල් බිලියන 1757ක් දක්වා පහළ අගයකට ගෙන ඒමට අප උත්සහ කර ඇත.
මීට අමතරව, ගෙවිය යුතු ණය වාරික සඳහා බිලියන 1878ක්ද, භාණ්ඩාගාර බිල්පත් ගැලපීම සඳහා බිලියන 109ක්ද වෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තුවෙන් අවසර ගත යුතු ණය ගැනීමේ සීමාව ලෙස බිලියන 3740ක් ලෙස සඳහන් වෙනවා.
රටේ බහුතර ජනතාව අපගේ රජය පිළිබඳ තැබූ විශ්වාසය කිසිඳු අයුරකින් පළුදු නොකරමින් අපි මේ රටේ ආර්ථිකය ස්ථාවරත්වය කරා මෙහෙයවා ඇති බව කාටත් රහසක් නොවේ. නමුත් අපි කරන්නෙ සාම්ප්‍රධායික අයවැයක් ඉදිරිපත් කිරීමක් නොවයි. මෙහිදී, ඒ කියන්නෙ වසරින් වසර කඩලා එහි අයවැය ඉදිරිපත් කිරීම නොවෙයි. අපි පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව වසරින් වසර ඉදිරියට යන ප්‍රතිපත්තිමය අරමුණු සාක්ෂාත් කර ගැනීමේ නොනවතින වැඩපිළිවෙලක් පිළිබඳ සැලසුමෙහි 2026 වසරට අයත් වන කාර්යභාරය තමයි අපි මේ ඉදිරිපත් කරලා තියෙන්නෙ. එහිදී අපි ප්‍රධාන උපාය මාර්ගික අරමුණු 06ක් අනුව කටයුතු කරනවා.
- තිරසර සහ සැමට ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනයක්
එහිදී, ආයෝජන කැඳවීම ප්‍රමුඛ වන අතර, ආයෝජන කැඳවීම සඳහා අවශ්‍ය ප්‍රවාහන, මහාමාර්ග, සන්නිවේදන, ඩිජිටල් වගේම බලශක්ති වැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අපගේ මූලික අරමුණක්.
– එහිදී විශේෂයෙන්ම බලශක්ති ප්‍රවර්ධනයේදී ආයෝජකයන්ගේ බලශක්ති අවශෝෂණය කිරීමට අවශ්‍ය සම්ප්‍රේශන පද්ධතිය කඩිනමින් වර්ධනය කිරීම ඉතා ඉහළ ප්‍රමුඛතාවයෙන් යුතු කාර්යයක් ලෙස සලකා නව හබරන, කප්පල්තුරෛ, කප්පල්තුරෛ සාම්පූර්, නව හබරන, කිලිනොච්චි යන සම්ප්‍රේශන පද්ධතීන් ගොඩ නැගීමට අවශ්‍ය මූලික කටයුතු දැනටමත්, ආරම්භ කර ඇත.
– මීට අමතරව, හබරන, කිරිඳිවැල, නොරොච්චෝලෙ, වාරියපොල, මොණරාගල, හම්බන්තොට සම්ප්‍රේශන පද්ධතීන් සැලසුම් කර ටෙන්ඩර් කැඳව, සෘජු විදේශ විනිමය මගින් ගොඩ නැගීමට අපේක්ෂා කරනවා. ඒ වගේම ආයෝජන කැඳවීමට අවශ්‍ය ණය තිරසර කරණය ඉදිරියට ගෙන යෑම.
– ආයෝජකයාට හිතෛෂී ලෙස නීතිරීති හඳුන්වා දී සැමට එක ලෙස සැලකීම සාධාරණව තහවුරු කිරීම.
– ආයෝජකයන්ගේ පහසුව පිණිස National Single Window ඇති කිරීම.
- අපනයනය විවිධාංගීකරණ
– භාණ්ඩ හා සේවා විවිධාංගීකරණය
– වෙළඳපොල විවිධාංගීකරණය, අපනයන කරුවන්ගේ පහසුව පිණිස National Single Window හඳුන්වා දීම.
- ණය තිරසරභාවය
මේ වන විටදී ඉතා සාර්ථකව පවත්වාගෙන යනු ලබන අප විසින් 2032 වන විට ළඟා කරගත යුතු ආර්ථික දර්ශක අගයන් නැතහොත් ඉලක්කයන් දැනටමත් ළඟා කර ගැනීමට සමත් වීම විශාල ජයග්‍රහනයක් ලෙස සලකනවා. නමුත් අපේ ව්‍යායාමය අපි තවදුරටත් ඉදිරියට කරගෙන යනවා.
- නිෂ්පාදන ආර්ථිකය
– කෘෂි, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දිරි ගැන්වීම.
– ඛනිජ සම්පත් ආශ්‍රිත අගය එකතු කිරීමේ නිෂ්පාදන ප්‍රවර්ධනය.
– දැනට ආනයනය කරනු ලබන පාරිභෝගික භාණ්ඩ මෙරටදීම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු යෙදීම.
– ආහාර සුලභතාවය, සුරක්ෂිතතාවය සහතික කිරීම
– ඇප රහිත මෙන්ම සහන ණය යෝජනා ක්‍රම හඳුන්වා දී ක්‍රියාත්මක කිරීම.
- දුප්පත්කම තුරන් කිරීම
– ආර්ථික වශයෙන් දුර්වල ජනතාව සවිබල ගන්වා ආර්ථිකයට එකතු කිරීම.
ඇත්තටම රටේ පවුල් සංඛ්‍යාවෙන් 75%කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට අස්වැසුම සහනාධාරය ඉල්ලා සිටිනවා. ඇත්තටම මෙය පිටු දැකිය යුතුයි කියන තැන තමයි අපි ඉන්නෙ. එහිදී පියවර කිහිපයක් යටතේ මෙම කොටස් ක්‍රමයෙන් දුගී භාවයෙන් ගලවා ගැනීම අපේ රජයේ අරමුණයි. පැවති රජයන් එම ජනතාව තමන්ගේ දේශපාලන ව්‍යාපෘතීන් සඳහා එම තත්වයේම පවත්වාගෙන නඩත්තු කිරීම සිදු කළත්, අපේ රජයේ ප්‍රතිපත්තිය එය නොවෙයි. පියවරෙන් පියවර මේ දැනට අස්වැසුම ප්‍රතිලාභීන් ඉහළ ආර්ථික මට්ටමට ඔසවා තබන ගමන්ම යට මට්ටම අපි තව දුරටත් සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු හා ඊට අවශ්‍ය මුදල් මේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා.
- ඩිජිටල්කරණය
– එහිදී රාජ්‍ය සේවය විශේෂත්වයකින් සලකනු ලබන අතර, රාජ්‍ය සේවය, ගෞරවාන්විත සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීමේ අරමුණක් ලෙස එක් ජාලයක් යටතට ගෙන ඒම.
– කාර්යක්ෂම ලෙස ආදායම් එකතු කිරීම.
– ධීවර කර්මාන්තකරුවන් මෙන්ම කර්මාන්තකරුවන් ජාලගත කර අවශ්‍ය පහසුකම් සැකසීම. විශේෂයෙන්ම, ධීවර ජනතාවට අවශ්‍ය සන්නිවේදන පහසුකම් සපයා කාලගුණික තත්වය, මාළු සිටිනා ස්ථාන හඳුනා ගැනීම, මුහුදේ තත්වය වැනි සෑම දෙයක්ම ධීවර ජනතාවට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් විදිහට කටයුතු සලස්සන්න අපි ආණ්ඩුව විදිහට කටයුතු කරගෙන යනවා.
– පාරදෘශ්‍ය භාවය තුළින් දූෂණය මුලිනුපුටා දැමීම.
– ඇත්තටම අපි ඉදිරියේදී ඩිජිටල්කරණය අනුගත වෙමින් ප්‍රසම්පාදන කටයුතු E-Procurement ලෙස සිදු කිරීමට බලාපොරොත්තු වේ. එහිදී ගොඩක් වෙලාවට අපිට පාරදෘශ්‍යභාවය පෙන්නන්න, පවත්වාගෙන යන්න පුළුවං.
– ඒ වගේම සෑම ගෙවීමක්ම අපි ඉදිරියේදී Cashless විදියට ගෙනයන්න අවශ්‍ය සැළසුම් සකස් කරලා තියෙනවා.එතකොට සෑම තැනකම දූෂණය කරන්න අමාරුයි. පාරදෘශ්‍යභාවය පෙන්නන්න වෙනවා. ඒ සඳහා අවශ්‍ය මූලික සැලසුම් ආරම්භ කරලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
– ඩිජිටල් තාක්ෂණය කිව්වාම ඒකට අපි කර්මාන්තයක් විදිහට ගේන්න ඕනේ. ඩිජිටල් තාක්ෂණය Supporting Service විදිහට අපි පාවිච්චි කරන්නෙ මෙතනින් එහාට ඩිජිටල් තාක්ෂණයම කර්මාන්තයක් විදිහට ලොව ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය සංවර්ධන කටයුතු අප විසින් දියත් කරලා තියෙනවා.
ඒකෙි ඩිජිටල් යටිතල පහසුකම් සඳහා මූලික අරමුණු සහ මූලික කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම අපි ලබන වසර තුළ සන්නිවේදන කුළුණු 100ක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රය, ඩිජිටල් ක්ෂේත්‍රය එකට බැඳුණු Data Centers ඇති කිරීමේ මූලික අරමුණු අපි දැන් ආරම්භ කරලා තියෙනවා. මොකද ඒවට බොහොම වැඩි ආයෝජන සහිත සමාගම් සහ ඒකට අවශ්‍ය උනන්දුව තියෙන පුද්ගලයින් අපිට ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඒකට අවශ්‍ය කටයුතු කරනවා. මොකද Data Centers හරහා අපිට ලොකු ආදායමක්, ඒ වගේම අපි ඒක හරහා අපේ බලශක්තිය එතනට යොදවන්න පුළුවං. ඒ හින්දා අපි ඒ සංවර්ධන කටයුතු කරනවා.
