• දෙසැම්බර් 24, 2025
  • Uyaam Maalik
  • 0

ජාතික විදුලිබල ප්‍රතිපත්තිය පිළිබඳව මහජන අදහස් විමසීම.

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, ජාතික විදුලිබල ප්‍රතිපත්තියේ (National Electricity Policy) කෙටුම්පත සකස් කර ඇති අතර, එය මේ වන විට අමාත්‍යාංශ වෙබ් අඩවියේ (www.energymin.gov.lk) පලකර ඇත.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් අදහස් හා යෝජනා ලබාගැනීමට මෙම අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ඒ අනුව 2026.01.09 දිනට පෙර ඔබගේ අදහස් හා යෝජනා පහත පරිදි ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

අදහස් යොමුකළ හැකි ක්‍රම:

  1. විද්‍යුත් තැපෑල : neac@energymin.gov.lk
  2. ලිපි මගින් : ලේකම්, බලශක්ති අමාත්‍යාංශය, අංක 437, ගාලු පාර, කොළඹ 03
  3. ෆැක්ස් අංකය   : 0112 574 752
  4. දුරකථන අංකය : 0112 574 922 (දිගු අංකය 509/ 510/ 403)

 

ලේකම්
බලශක්ති අමාත්‍යාංශය