- 2026 වර්ෂය සඳහා බලශක්ති අමාත්‍යාංශයට අයත් වාහන, අලුත්වැඩියා කටයුතු කිරීමට කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල-ගල්කිස්ස හා කඩුවෙල යන මහ නගර සභා සීමා සහ මහරගම හා බොරලැස්ලමුව යන නගර සභා සීමා සහ කැළණිය ප්‍රාදේශීය සභා සීමා තුල පිහිටි සුදුසුකම් සපුරා ඇති ආයතන ලියාපදිංචි කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
- 02.03 දින පෙ.ව. 9.00 සිට මෙම අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශය වෙතින් මේ සඳහා අයඳුම්පත් නිකුත් කරනු ලැබේ. මේ පිළිබඳව උනන්දුවක් සහ හැකියාවක් දක්වන ආයතන ආපසු නොගෙවනු ලබන අයදුම්පත් ගාස්තු වශයෙන් රු. 2000.00 ක මුදලක් මෙම අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ සරප් වෙත ගෙවීමෙන් පසු ලබා ගන්නා රිසිට්පත 2026.02.24 දින ප.ව 3.00 ට හෝ ඊට පෙර මෙම අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අයදුම්පත ලබාගත හැකිය.
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත 2026.02.25 දින පෙ.ව. 10.00 ට හෝ ඊට පෙර ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කරන ලද පිටපතක් ද සමගින් කවරයේ වම්පස ඉහල කෙලවරේ “බලශක්ති අමාත්‍යාංශයේ වාහන අලුත්වැඩියා සහ වාර සේවා සඳහා ආයතන ලියාපදිංචි කිරීම” යනුවෙන් සඳහන් කර ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනයට එවීමට හෝ එම ලිපිනයේ පිහිටි අමාත්‍යාංශයේ දෙවන මහලේ ප්‍රවාහන අංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීමට කටයුතු කළ යුතුය.
- වැට් බදු ගෙවීම සඳහා ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කරන පිටපතක් ද අයදුම්පත සමග ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.
- අයදුම්කරුවන් විසින් එවනු ලබන අයදුම්පත්‍ර වල සඳහන් තොරතුරු අසත්‍ය බවට, ලියාපදිංචිය සඳහා තෝරා ගැනීමට පෙර (ආයතන ස්ථානීය පරීක්ෂාවේ දී) සනාථ වුහොත් එවැනි අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමටත්, ලියාපදිංචි කිරීමෙන් පසුව ( සේවාවන් ලබා ගැනීමේ දී ) සනාථ වුවහොත් එතැන් සිට තවදුරටත් එවැනි ආයතන වලින් සේවය ලබා ගැනීම අවසන් කිරීමටත් යටත් වේ.
- අමාත්‍යාංශයේ අවශ්‍යතාවය අනුව ගනු ලබන තීරණයක් මත අමාත්‍යාංශය විසින් විශේෂ ඉල්ලීමක් කරනු ලබන අවස්ථාවක දී පමණක් අදාල අයදුම්කරුවන් විසින් ඉහත ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරනු ලබන ආයතන මෙම කාර්යයන් සිදු කිරීමට සුදුසු බවට එම ක්ෂේත්රයේ වරලත් ඉංජිනේරුවරයකු විසින් සහතික කරන ලද යෝග්‍යතා වාර්තාවක් ලබා දීමට කටයුතු කල යුතු වේ.
- අලුත්වැඩියා විස්තරය
එන්ජින් සම්පූර්ණ අලුත්වැඩියාව, ගියර් බොක්ස් අලුත්වැඩියාව (ඔටෝ සහ මැනුවල්) සහ සම්ප්‍රේෂණ පද්ධතියේ අනෙකුත් අලුත්වැඩියාවන්, තිරිංග පද්ධති අලුත්වැඩියාව, විදුලි පරිපථ අලුත්වැඩියාව (රේඩියෝ,කැමරා වැනි උපකරණ ඇතුළුව), ෆයිබර් වැඩ, තහඩු වැඩ, ටින්කරින් හා පින්තාරු සහ කට් ඇන්ඩ් පොලිෂ් කිරීම, කැනපි අලුත්වැඩියාව, වාහන කම්පන අවශෝෂක හා දුනු කාර්මික සේවය (සස්පෙන්ෂන්), සයිලන්සර් අලුත්වැඩියාව, වාහන වායු සමීකරණ අලුත්වැඩියා, ටින්ටඩ් කිරීම හා වාහන අලංකරණ අමතර කොටස් සැපයීම , වීල් එලයින්මන්ට් හා බැලන්ස් කිරීම, සියලුම වර්ගයේ වාහන කුෂන් කිරීම හා කාපට් කිරීම, යතුරු පැදි සියළුම අලුත්වැඩියා, වාහන සඳහා යතුරු කැපීම සහ රිමෝට් යතුරු අලුත්වැඩියාව
- නිසියාකාරව තොරතුරු සපයා නොමැති අයදුම්පත් සහ ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලබන අතර අයදුම් කරනු ලබන ආයතන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කර ගැනීමේ හෝ නොගැනීමේ අවසාන තීරණය බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා සතුවේ.
ලේකම්,
බලශක්ති අමාත්‍යාංශය,
අංක 437,
ගාලුපාර,
කොළඔ 03.
දුරකථන :- 011- 2574740/ 011-2574941
