ජාතික විදුලිබල ප්‍රතිපත්තිය පිළිබඳව මහජන අදහස් විමසීම.
2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනත මඟින් සංශෝධිත 2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනතේ 04 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, පත් කළ කමිටුව මඟින් ජාතික විදුලිබල ප්‍රතිපත්තියේ කෙටුම්පත සකස් කිරීම සම්පූර්ණ කර ඇති අතර මෙම කෙටුම්පත පනතේ 4 (4) වගන්තිය ප්‍රකාරව බලශක්ති අමාත්‍යාංශය විසින් මේ වන විට අමාත්‍යාංශ වෙබ් අඩවියේ (www.energymin.gov.lk) භාෂාත්‍රිත්වයෙන් පලකර ඇත.
බලශක්ති අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් අදහස් හා යෝජනා ලිඛිතව ලබාගැනීමට අපේක්ෂා කරන අතර ඒවා කෙටුම්පතෙහි අදාළ පරිච්ජේදයන්ට අනුකූලව ලබාදිය යුතුය.
සියළුම අදහස් හා යෝජනා 2026.02.19 දින දහවල් 12.00 හෝ ඊට පෙර පහත සඳහන් ආකාරයට අමාත්‍යාංශය වෙත ලබා දිය හැක.
අදහස් යොමුකළ හැකි ක්‍රම:
- විද්‍යුත් තැපෑල : neac@energymin.gov.lk
- ලිපි මගින් : ලේකම්, බලශක්ති අමාත්‍යාංශය, අංක 437, ගාලු පාර, කොළඹ 03
- ෆැක්ස් මඟින් : 0112 574 880
ලේකම්
බලශක්ති අමාත්‍යාංශය
